Wednesday, August 8, 2012

දෙවියන් දුටුවෙමි දෙනෙතින්

ඇත්තටම දෙවියො ගැන විවිධ චිත්‍ර අපේ හිත් වල තියෙනවා .ඒත් හැබැහින් දකින්න පුළුවන් දෙවිවරු ගැනයි අද මගේ බ්ලොග් පෝස්ට් එක , දෙවියෝ කිව්වාම ඔටුනු දාගෙන අහසේ ඉන්නවා කියලත් චිත්‍රයක් සමහරුන්ගේ හිතේ ඇති , ඇත්තටම දෙවිවරු ජීවමානව දැක්කත් හදුනා ගන්නත් බැරිවුනු ඇතැම් විට මරණය තෙක් හදුනා නොගන්නා දෙවියන් ගැනයි මේ දිග හැරුම , ඔබ දේවාල වල වැද වැද දෙවියන් යදින්න ඇති ,සමහරක් විට ඔබ ඇති දෙයියෙක් නැතැයි බැන වදින්න ඇති ,,, හරි මට තියන ගැටළුව තමයි ඇදහීමේ හැටියට ඵල නොතිබීමයි . ඔබ අහලා තියෙනවද තමුන් කුසගින්නෙන් දැවෙද්දී තම කුසගින්නට ඇති ආහාරය දෙන ,, කවදාවත් කිසිම භාර හාර ඔප්පු නොකර භෞතික දේවල් දෙන , දිවි ඇති තුරා අප ගැන සිතන ,අපේ දියුණුවට උදව් දෙන අය ගැන ? හරි එහෙනම් මේ මම කිව්වෙ අම්මයි අප්පච්චියි ගැන , කවදාවත් ඔබ මෙහෙම හිතුව ද ?

No comments:

Post a Comment